සරසවි සිසුවියක් සැකසහිත ලෙස මරුට

සරසවි සිසුවියක් සැකසහිත ලෙස මරුට

සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඇය නවාතැන් ගෙන ඇත්තේ යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවත්, පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බවය.

මියගිය සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share This