ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට

ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ගින්න හට ගන්නා අවස්ථාවේ දී ලැගුම්හලේ පුද්ගලයන් 30දෙනෙකු පමණ සිට ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බව සඳහන්.

නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇති බව එරට බලධාරීන් සදහන් කර තිබේ.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගතව තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Share This