අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අද (17) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සූක්ෂම ලෙස සඟවා තිබූ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටිය ආසන්නයේ පිහිටි, ලඳු කැලෑවක් තුළ එම පුපුරුණ ද්‍රව්‍ය සඟවා තිබිය දී නාවික හමුදාවට නිරීක්ෂණය වී තිබේ. එහීදී, එම පාර්සලය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

එම පුපුරන ද්‍රව්‍ය සමඟ සේවා නූල් අඩි තුනයි අඟල් හතරක පමණ ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.

Share This