උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම් දීමක්

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම් දීමක්

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා පැවැත්වීමට නියමිතයි.

අදාළ ප්‍රවේශපත්‍ර සහ කාලසටහන පාසල් අයැදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙත සහ පෞද්ගලික අයැදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙත ද තැපැල් කර යවා තිබෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙතෙක් එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයැදුම්කරුවන් සිටී නම් www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කරගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන් ම පෞද්ගලික අයැදුම්කරුවන් සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් සංශෝදනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.