සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මීට අමතරව 2023 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නර්තනය, සංගීතය, නාට්‍ය, රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන්.

ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට මාර්තු 7 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

Share This