ශිෂ්‍යත්ව විභාග ලකුණු යළි පරීක්ෂා කිරීමට අදාළව දැනුම් දීමක්

ශිෂ්‍යත්ව විභාග ලකුණු යළි පරීක්ෂා කිරීමට අදාළව දැනුම් දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු නැවත පරීක්ෂා කිරීමට අදාළ අභියාචනා මේ මස 27 සිට දෙසැම්බර් 04 දක්වා මාර්ගගත ක්‍රමයට යොමුකළ හැකි බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත අංක ඔස්සේ ඔබට විමසීම් සිදුකළ හැකියි.

ක්ෂණික ඇමතුම් අංකය – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112784208 / 0112784537 0112786616 / 0112785922

මේ අතර 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුව ලබන වසරේ හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

සිංහල මාධ්‍ය සිසුන් සඳහා දිස්ත්‍රික් පදනමට අනුව කඩඉම් ලකුණු පහත පරිදි වනවා.

Share This