සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේත් විවෘත කර තිබේ.

ඒ අනුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකළපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව පවතින බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව සඳහන් වේ.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Share This