මසුන් මරමින් සිටි ධීවරයෙක් කිඹුලෙකුට බිලි

මසුන් මරමින් සිටි ධීවරයෙක් කිඹුලෙකුට බිලි

බදගිරිය වැවේ වීසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසයි.

මාළු දැළක පැටලී තිබී ධීවරයාගේ සිරුරු ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබුණු අතර ඒ වෙන විටත් කිඹුලා ධීවරයාගේ පාදයකින් කොටසක් ගිල දමා තිබුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.

කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබුණේ බදගිරියේ පදිංචිව සිටි ජයවර්ධන ආරච්චිගේ ලහිරු සම්පත් නම් 32 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.

ඔහු පසු ගිය 15 දින බදගිරිය වැවේ කුඹුලන් බහුලව වෙසෙන ප්‍රදේශයක තහනම් දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.

ධීවරයා නිවසට නොපැමිණීම නිසා පසු ගිය 17 වැනි දින ඔහු ගැන ප්‍රදේශවාසීන් විසින් සොයමින් සිටියදි ධීවරයාගේ සිරුර හමුවී තිබේ.