නව ඡන්ද හිමියන්ගේ නම් මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

නව ඡන්ද හිමියන්ගේ නම් මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල/මැතිවරණ කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් පාලන ආයතනවලද මෙම ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.

ඉකුත් වසරේ (2023) වලංගු නාමලේඛනයෙන් ඉවත්වන නම් ඇතුළත් ලැයිස්තුවද මෙම ස්ථාන වල ප්‍රදර්ශනය කෙරේ.

කිසියම් පුද්ගලයකුගේ නම මේ වසරේ ලියාපදිංචියට නිර්දේශ වී නොමැතිනම් ඊට අදාළ හිමිකම් ඉල්ලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට හැකි බවත්,ඊට අදාළ ආකෘති මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

Share This