
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්
ඡන්ද මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිත තිබේ.
ඊයේ (10) දිනයේ නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා තුනට අදාළ ඡන්ද විමසීම පිළිබඳව ද අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි, මැතිවරණ කොමිසම සඳහන් කළේ.
එම ඡන්ද විමසීම ද සෙසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් දිනයේම පැවැත්වීමට දැනට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන්ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡාවට ගැණෙනු ඇති.
මන්නාරම, පුනකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා ඡන්දයට නාම යෝජනා කැඳවීම, ලබන 24 වැනි දා සිට 27 වැනි දා දහවල් 12 දක්වා සිදු කිරීමට ඊයේ දින නියම කෙරුණි.
එම තීරණය ගෙන තිබුණේ, එම ප්‍රාදේශීය සභා වලට අදාළව පසුගිය නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් පැවති අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීමත් සමගයි.
කල්මුණේ මහනගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීම සිදු කෙරෙන්නේ ලබන 17 වෙනි දා සිට 20 වෙනි දා මධ්‍යහන 12 දක්වායි.