ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම ගැන විශ්ලේෂණයක්

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම ගැන විශ්ලේෂණයක්

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බව කී කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා එය ප්‍රතිශතයක් ලෙස 2.2%ක් බව ද කීවේය.

2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452ක් පමණක් බවත් ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85%ක් බව ද හෙතෙම පැවැසීය.

එලෙස ඡන්දය ප්‍රතික්ෂේප වීමට හේතු වූ කරුණු කාරණා මෙම විශ්ලේෂණයෙන් අනතුරුව නිශ්චිතව හඳුනා ගැනීමට හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.