පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට දින නියම කෙරේ

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට දින නියම කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වුණා.

එමෙන්ම, පසුගිය 23 වැනිදා ජනපතිවරයා මහනුවරදී ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බවයි.