පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් භාරගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම අද (03) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19 වැනිදා දක්වා සිදු කෙරෙන බවයි, එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලබන 8, 9, 13, 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදුනොකරන බවද සභාපතිවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.