ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් වලට

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් වලට

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති අතර, එම බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

Share This