බදුරලියේ වෙඩි තැබීමකින් තරුණයෙකුට බරපතලයි

බදුරලියේ වෙඩි තැබීමකින් තරුණයෙකුට බරපතලයි

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු බරපතළ තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය කියයි

බදුරලිය ලත්පදුර කිලෝමීටර් එකේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රෝස බට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙඩි වැදී තුවාල ලද පුද්ගලයා බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරුකර යැවූ බව රොහල් ආරංචි මාර්ග පවසයි.

Share This