නව ඊ වීසා ක්‍රමවේදය අද සිට

නව ඊ වීසා ක්‍රමවේදය අද සිට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය (online) ක්‍රියාත්මක කිරීම අද (17) සිට ආරම්භ කරන බව ආගමන හා විගමන දොපර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන ETA (Electronic Travel Authorization) ක්‍රමවේදය වෙනුවට හදුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමවේදය වන E- Visa පද්ධතිය GBS Technology Service & IVS Global ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ.

www.srilankaevisa.lk යන වෙබ් සබැඳිය මඟින් ඒ සඳහා සම්බන්ධ වීමේ හැකියාව ජනතාවට පවතී.

නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණි.

එම ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.

ඊට අදාළ නිවේදනය පහතින්

Share This