විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙහිදී සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සහ යාත්‍රාව අද (05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

අදාළ යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතී.

Share This