
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ පුද්ගලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් 05ක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙම අපරාධය සිදු කළ සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32හැවිරිදි වෛද්‍යවරියක් රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් ඇති අතර, එහිදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවයි වාර්තාවුණේ.
එම සිද්ධියට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.