දිනිතිගේ වීඩියෝව බෙදා හැරපු අයට වැඩ වරදියි – සම්පූර්ණ විස්තරේ මෙන්න

දිනිතිගේ වීඩියෝව බෙදා හැරපු අයට වැඩ වරදියි – සම්පූර්ණ විස්තරේ මෙන්න

සංගීත් – දිනිති කියන්නේ කළා ලෝකයේ මෙන්ම රසිකයන් අතර ගොඩක් ජනප්‍රිය චරිත දෙකක්.

ඇය බොහොම නිදහසේ සරලව ජීවිතේ ගෙවන, සෘජුව අදහස් ප්‍රකාශ කරන තැනැත්තියක් ලෙසයි රසිකයන් අතර ජනප්‍රිය.

එත් එක්තරා වීඩියෝ දර්ශනයක් නිසා දිනිති මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙන චරිතයක් වෙලා තියෙනවා.

ඒ දෙන්නාට අඩුවක් නැතුව හිමිවෙන රසික ආදරය වගේම හිටපු ගමන් මේ වගේ එක එක විදිහේ ගල්මුල් ප්‍රහාර එල්ල වෙන අවස්ථාත් නැතුවාම නොවේ.

මේකත් අන්න ඒ වගේ කතාවක්.

බොරුවක් කියලා දැන දැනත් ගොඩක් දෙනෙක් සමාජ මධ්‍යයේ පැතිරුණු ඒ වීඩියෝ එක හොයන්න ගත්තා.

ඇත්තටම මේ පහත් මානසිකත්වයක් තියන මිනිස්සු ගැන ඇය ඒ තරම් ගනන් ගන්නේ නැතුව ඇති.

කොහොම වුණත් දිනිතිගේ මේ දවස්වල වයිරල් වෙන මේ වීඩියෝ එක මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාලා වලින් නම් ටික ටික අයින් වෙලා.

ඒ වුණත් මේ වගේ වැඩ කරන අයට දඬුවමක් ලැබෙන්න ඕනමයි.

ඉතින් මේ වගේ වැඩ කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඇය මේ වෙන කොට කටයුතු කරලා තියෙන බව තම ආරංචි වෙන්නේ.

කොහොම වුණත් තමන් රංගනයෙන් දායක වුණ ඒ අවස්ථාව මේ විදිහට එඩිට් කරපු එකත් ඒක සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙන එකත් ඇගේ රංගන ජීවිතයට ප්‍රශ්නයක් කරගන්න දිනිති සූදානම් නැහැ..

ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගන්න ඇය, ඒකටත් කරන්න ඕන සුදුසුම දේ කරන්න සූදානමින් ඉන්න බව තමයි ආරංචි වෙන්නේ.

මේ කාරණාව සම්බන්ධයෙන් දිනිති ගන්න නීතිමය ක්‍රියාමාර්ගත් එක්ක මේ වගේ ව්‍යාජ වීඩියෝ හදන හැමෝටම ඒ වගේ දෙයක් කරන්න කළින් දෙපාරක් හිතන්න වේවි.