බස් එකේ ඩයිනමයිට් අරන් ගිය අයෙක් මන්නාරමේ දී අත්අඩංගුවට

බස් එකේ ඩයිනමයිට් අරන් ගිය අයෙක් මන්නාරමේ දී අත්අඩංගුවට

මන්නාරම, පල්ලේමුනෙයි ප්‍රදේශයේ සිදුකරන ලද ඒ්කාබද්ද සෝදිසි මෙහෙයුමකදී බස්රථයක ප්‍රවාහනය කරමින් තිබූ ඩයිනමයිට් පුපුරණද්‍රව්‍ය කරල් 650 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පල්ලෙමුනෙයි ප්‍රදේශයේ මාර්ගයක සිදුකරන ලද සෝදිසියක දී ධාවනය වෙමින් තිබූ බස්රථයක් පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

එම ඩයිනමයිට් පුපුරණද්‍රව්‍ය ගමන්මල්ලක දමා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගත් සැකකරු ද එහි දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

ගැඹුරු මුහුදේ පිපිරීම් සිදුකොට මසුන් මැරීම සඳහා ධීවරයින් මෙලෙස මෙම පුපුරණද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මුන්දල් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් වන අතර ඔහු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.