මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මරුට

මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මරුට

වැල්ලවත්ත පෙඩ්‍රිකා පාර ප්‍රදේශයේ මහල් 08ක ගොඩනැගිල්ලකින් ඇදවැටී ඊයේ (10) පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

Share This