ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනින් ඉවතට

ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනින් ඉවතට

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණ සටනින් තාවකාලිවක ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණයට ඉදිරිපත් වන බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය හමුවේයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා තමන් බවයි, මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. ඒ සඳහා එම පක්ෂය කොන්දේසි 10ක් ද පනවා තිබූ බව සඳහන්.

එම කොන්දේසි සපුරාලීමට ධම්මික පෙරේරා සූදානමින් සිටි බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

අදාළ නම් කිරීම මාර්තු මාසයේ දී සිදු වන ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සහාය පළ කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයක්.

Share This