
පාසල් නේවාසිකාගාරයක ගින්නකින් 13ක් මරුට
මධ්‍යම චීනයේ, යැංෂැංපු ප්‍රදේශයේ පාසල් නේවාසිකාගාරයක හටගත් ගින්නකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.
හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ (19)) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පෞද්ගලික පාසලක් වන එම පාසලේ කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.