
දේශබන්දුගේ දේපොළ අත්හිටුවිය හැකියි! – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
දැනට වරෙන්තු ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.
මෙම නීතිය අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතියේ අන්තර්ගතව තිබුණ ද ක්‍රියාත්මක නොවුණු බවත්, එය දේශබන්දු තෙන්නකෝන්ගෙන්ම පළමුව ආරම්භ කළ හැකි බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා අද (09) මෝදරදී පැවති උත්සවයකදී පැවසුවේ.