එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා රට ගිහින් – දෙණියාය මූලික රෝහලේ සියලු සැත්කම් නවතී

එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා රට ගිහින් – දෙණියාය මූලික රෝහලේ සියලු සැත්කම් නවතී

දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රෝහල හැර විදේශගත වීම හේතුවෙන් රෝහලේ සිදු කරන සියළු සීසේරියම් සැත්කම් ඇතුළු අනෙකුත් සැත්කම් ඇනහිට තිබෙන බව දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රන්දිව් අබේවික්‍රම මහතා පවසයි.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි පෙරේරා සහභාගිත්වයෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති සම්බන්ධීකරණ කමිටුවේදී එය අනාවරණය වී තිබේ.

රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු සිටියත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති හෙයින් එම වෛද්‍යවරුන්ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත.