දෙහිවල සත්තු වත්තෙන් වාර්තාගත ආදායමක්

දෙහිවල සත්තු වත්තෙන් වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු දින තුනේ (13,14,15) දෙහිවල ජාතික සත්වෝද්‍යානය රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පවසයි.

අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ඒ අනුව 13 වැනිදා රුපියල් ලක්ෂ 13ක ආදායමක්ද, 14 වැනිදා රුපියල් ලක්ෂ 16ක ආදායමක්ද, 15 වැනිදා රුපියල් ලක්ෂ 18ක ආදායමක්ද උපයා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙන බව මානවඩු මහත්මිය පැවසීය.

Share This