ඇල්පිටියේ ඇළක නාඳුනන මළසිරුරක්

ඇල්පිටියේ ඇළක නාඳුනන මළසිරුරක්

ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබී අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුනන පිරිමි මළසිරුරක් අද (23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

එම මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය හඳුනා ගැනීමට අපහසු වන ලෙස ඉදිමී නරක්වී තිබූ බව ද පොලීසිය කියයි.

මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව ද පොලීසිය පවසයි.

ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.