මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට

මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට

කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබේ.

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයියා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 19ක වලදුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 17 ක් වන සැකකාර මල්ලී අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This