web hit counter
පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20ක් ජීවිතක්ෂයට

පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20ක් ජීවිතක්ෂයට

දකුණු අමෙරිකාවේ, ගයානාහි පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්නෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ගුවන් යානා මගින් රෝහල්වලට ගෙන ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තුවාල ලැබූ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය ප්‍රධානීන් රෝහල් වලට නියෝග කර ඇත.

මේ අතර එරට ජනාධිපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, එය බිහිසුණු, ඉතා වේදනාකාරි ව්‍යසනයක් බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න පාලනයට සහ නේවාසිකාගාරයේ සිරවී සිටි අනෙක් පිරිස මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )