හෝටල් සේවකයෙකු නාන තටාකයට වැටී මරුට

හෝටල් සේවකයෙකු නාන තටාකයට වැටී මරුට

රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු ඊයේ (07) පස්වරුවේ නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේම සේවය කරන සේවකයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අවුරුදු 37ක් පමණ වන මෙම පුද්ගලයා පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලට යොමුකර ඇති අතර, රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Share This