ඉදිරියේදී සහන පැකේජයක් – තෙල් මිලත් අවස්ථා දෙකක දී පහලට

ඉදිරියේදී සහන පැකේජයක් – තෙල් මිලත් අවස්ථා දෙකක දී පහලට

මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය  පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය ඇතුලත මෙම පැකේජය දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල ඉදිරි  මාස දෙක ඇතුලත අඩු කරන අතර ඉන්ධන මිල අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරන බව අමාත්‍යවරයා කීය.

ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙන බවද අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත්  ජනතාව ඉල්ලා සිටි  බදු සහන ලබා දීමට ද රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.