web hit counter
යතුරුපැදි අනතුරකින් 5 හැවිරිදි දරුවෙක් මරුට – 2කට බරපතල තුවාල

යතුරුපැදි අනතුරකින් 5 හැවිරිදි දරුවෙක් මරුට – 2කට බරපතල තුවාල

නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු සිදුවු අනතුරකින් පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

අනතුරීන් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයෙ පදිංචි අවුරුදු පහක් වයසැති වර්ණකුලසුරිය අරෝෂ් නැමති දරුවෙකි.

මාරක අනතුරින් මරණයට පත්වු දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසල් අධ්‍යාපනය හදාරන සිසුවෙකු බව කියයි.

අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි මරණයට පත් දරුවාගේ පියා හා ඔහුගෙ මිතුරේකු බරපතල තත්වයෙන් සිටිම හේතුවෙන් පුත්තලම මූලික රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවු බව රෝහල් බලධාරීන් පවසයි.

නොරෝච්චෝල නගරයේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට දි මෙම මාරක අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )