විදුලි සැර වැදී එක් දරු මවක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී එක් දරු මවක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුලිදිවාසල ප්‍රදේශයෙ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක් දරු මවක් බව කියයි.

කාන්තව පදිංචි නිවසේ රුපියල් 3000 ක විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මණ්ඩලයේ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර තිබු බව කියයි.

මිටර් කිපයක දුරින් වු මවගේ නිවසේ විදුලි ස්විචයකට වයර් යොදා එම වයරය තම ඉඩමේ පිහිටි විදුලි මෝටරයට දමා සවි කර ජල ටැංකියට ජලය පිරවිමට යාමේදි මෙසේ විදුලි සැර වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

Share This