බොරලන්ද බුළුඇළ අසල බිළිඳු මළ සිරුරක්

බොරලන්ද බුළුඇළ අසල බිළිඳු මළ සිරුරක්

ඉපදි දින කිහිපයක් ගතවන බිළිදු මල සිරුරක් (13) දින නුවරඑලිය බුළුඇළ බොරලන්ද ප්‍රදේශයෙන් සොයාගත් බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

බොරලන්ද ප්‍රදේශයේ බුළුඇළ අසල බිළිඳකුගේ මළ සිරුරක් ඇති බවට බොරලන්ද ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත බිළිදු මල සිරුර සොයාගත් බවත්, සොයාගත් බිළිදු මළ සිරරේ ඉනෙන් පහළ කොටස නොමැති බවට පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශය අවට පිහිටි සියළුම රෝහල් සහ පොලිස් ස්ථාන දැනුවත් කල බවත්, බිළිදු මළ සිරුරේ දෙමව්පියන් සෙවිම් කටයුතු දියත් කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණ අඹගහවත්ත මහතා විසින් ස්ථානය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව බිළිඳු මල සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට නුවරඑලිය පොලිසියට නියෝග කෙරිණ.

Share This