අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක පුද්ගල මළ සිරුරක්

අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක පුද්ගල මළ සිරුරක්

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මාලපල්ල මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක්  අද (01) දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 50 පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශයේ හමාගිය දැඩි දුර්ගන්ධය මත සිදු කළ සෝදීසි මෙහෙයුමක දී මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර සිරුර සොයා ගන්නා විට දැඩි ලෙස නරක් වී තිබී ඇත.

මෙම පුද්ගලයා අවට දුරකථන රැහැන් කම්බි තොගයක් වැටී තිබී ඇති අතර ඒ ඔස්සේ පොලිසිය වැඩීදුර විමර්ශන සිදු කරයි.