වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

පේරාදෙණිය නගරයේ වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් කඩා වැටී 68 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

පෙරදින මධ්‍යම රාත්‍රී සිදුවූ මෙම නායෑම නිසා වෙළෙඳහලක සිටි පුද්ගලයකු එසේ යටවී ඇතැයි පොලීසිය පවසයි.

අධික වර්ෂාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රී 10.30ට පමණ මෙම නාය යාම සිදු විය. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අනුර ජයවීර නමැති අයෙකි

සිද්ධියත් සමග මහනුවර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පසුව අලුයම 3.30ට පමණ පස්කණ්ඩියට යටවී මියගොස් සිටි ඔහුගේ සිරුර සොයාගැනීමට හැකි විය.

May be an image of 10 people, cablecar and text

May be an image of 7 people and text