ඉරාකයේ මංගල උත්සව ශාලාවක ගින්නකින් 113 ක් මරුට – 150 කට තුවාල

ඉරාකයේ මංගල උත්සව ශාලාවක ගින්නකින් 113 ක් මරුට – 150 කට තුවාල

උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සව ශාලාවක හටගත් ගින්නකින් 113 ක් මිය ගොස් 150 දෙනකු තුවාල ලැබූ බව ඉරාක මාධ්‍ය වාර්තා කරයි.

ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හට ගෙන ඇත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. එම අවස්ථාවේ, මංගල උත්සවයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් සිටි බව පැවැසෙයි.

තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී ඇත.

ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, ගිනිකෙළි දැල්වීමෙන් පසුව එය හටගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ගින්න හටගන්නා විට 1,000 ක පමණ පිරිසක් උත්සවයට පැමිණ සිටි බවට තොරතරු වාර්තා වනවා.

උත්සව ශාලාව ඉදිකිරීම සඳහා භාවිත කරන ලද දැවෙන සුළු ද්‍රව්‍ය ගින්න විශාල වශයෙන් පැතිරයාමට දායක වූ බවට සැකකරන බවයි ඉරාක ආරක්ෂක බලධාරීන් සඳහන් කරන්නේ.

At least 113 killed, over 150 injured as fire engulfs wedding party in Iraq  | News | Al Jazeera

More than 100 people are dead in fire at wedding celebration in Iraq |  World News | Sky News

More than 100 dead, 150 injured in Iraq wedding inferno | Reuters

Horrific blaze claims 113 lives during wedding ceremony in Iraq; scores  injured

Fire kills at least 100 and injures 150 at wedding in Iraq | The Independent

 

Share This