කඩදාසි බෝට්ටු යවමින් සිටි දැරියක් ඇළකට වැටී ජීවිතක්ෂට

කඩදාසි බෝට්ටු යවමින් සිටි දැරියක් ඇළකට වැටී ජීවිතක්ෂට

මදුරන්කුලිය ප්‍රදේශයේ කුඩා දැරියක් දිය පහරකට ගසා ගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

පොලිසිය පැවසුවේ මියගිය දැරියගේ සිරුර එම ප්‍රදේශයේ කැළැ රෝදක සිරවි තිබියදී මව හා ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇති බවයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය සිංහල මහා විද්‍යාලයට නුදුරින් පිහිටි නිවසක සිටි අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් බව පැවසේ..

මෙම දැරිය නිවස ආසන්නයෙන් ගලා ගෙන ගිය ඇළ පාරක ජලයට වැටි ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා අසල්වැසියන් විසින් සොයා ගෙන තිබු බව කියයි.

මෙම කුඩා දැරිය හා තවත් දරුවන් පිරිසක් නිවස ආසන්නයෙ ඇලේ දැවැන්ත ජල කද ආසන්නයෙ කඩදාසි බෝට්ටු යැවිමේ නිරතව සිට ඇති බවත්, එය මෙම ස්ථානයෙන් වෙනත් රාජකාරියක් සදහා ගමන් කරමින් සිටි මදුරන්කුලිය පොලිස්ථානයෙ පොලිස් කොස්තාපල්වරයෙකු දරුවන් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අවවාද කර ගොස් පැය දෙකකට ආසන්න කාලයකදි මෙම දැරිය මෙසේ ඇළට වැටි ගසා ගෙන ගොස් තිබු බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.