කැපුම් තුවාල සහිතව මියගිය දරුවෙකුගේ මල සිරුරක් හමුවේ

කැපුම් තුවාල සහිතව මියගිය දරුවෙකුගේ මල සිරුරක් හමුවේ

මාලබේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ වයස අවුරුදු හයක් පමණ වන පිරිමි දරැවකු වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.

දරුවා වීදුරු බෝතලය සමග ඇද වැටීමෙන් එම වීදුරු කටු දරැවාගේ ශරීරයේ ඇනීමෙන් අධික ලෙස රැධිරය වහනය වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක කළ හැකි බවත්, එය වෙනත් හේතුවක් නිසාවෙන් වූ ඝාතනයක්ද යන්න ද සැක කළ හැකි බැවින් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

මුල්ලේරියාව පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවද පොලිසිය පැවසීය.

Share This