දයාසිරිට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

දයාසිරිට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශන නිකුත් කිරීම වළක්වමින් එම පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය 08 වන දින නිකුත් කළ වාරණය නියෝගය ලබන 29 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (22) නියෝග කළේය.

හිටපු ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත යන මහත්වරුන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

2023 සැප්තැම්බර් 05 වැනි දින සිට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති විත්තිකරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් වැඩ බලන ලේකම්වරයාගේ කටයුතුවලට බාධා වන ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කර කර කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර තිබිණි.

විත්තිකාර ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ් මහතා ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.