දයාසිරිගෙන් කරුණු විමසා මෛත්‍රී නිකුත් කල චෝදනා පත්‍රයට අධිකණයෙන් වාරණයක්

දයාසිරිගෙන් කරුණු විමසා මෛත්‍රී නිකුත් කල චෝදනා පත්‍රයට අධිකණයෙන් වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් නිකුත් කර ඇති බැවින් එවැනි ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.