දයාසිරිට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

දයාසිරිට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායකට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණය නියෝගයක් නිකුත් කර ඇත.

පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් මෙම නියෝගය නිකුත් කළේය.