ඇමති ඩයනාගේ අභියාචනාව දින නියමයක් නොමැතිව කල් යයි

ඇමති ඩයනාගේ අභියාචනාව දින නියමයක් නොමැතිව කල් යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබූ අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය දින නියමයක් නොමැතිව කල්තැබීමට ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කලහ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබු පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කළ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා නැවත කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.