මෝදර වෙඩි තැබීමක්

මෝදර වෙඩි තැබීමක්

මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කළමනාකරු අවන්හලේ ගේට්ටු ආසනයේ රැඳී සිටියදී පිස්තෝල වර්ගයෙන් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 51 ක්වූ කොළඹ 14 මහවත්ත පටු මඟ පදිංචිකරුවකි.

වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.