දන්සලක් අසල බහින්බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙකු මරුට

දන්සලක් අසල බහින්බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙකු මරුට

ඇහැළියගොඩ පන්නිල ප්‍රදේශයේ ඊයේ (03) සවස ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනයට ලක්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පන්නිල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

ඊයේ දිනයට යෙදී තිබූ පොසොන් පොහොය දිනය වෙනුවෙන් එම තරුණයාගේ ඥාතීන් විසින් සුප් දන්සලක් දීමට සූදානම් කර තිබෙන අතර එම ස්ථානයට පැමිණි මෙම තරුණයා ඔහුගේ පසුම්බියේ තිබූ මුදල් නොමැති බවට ප්‍රකාශ කරමින් ආරවුලක් ඇති කරගෙන තිබේ.

පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් අදාල තරුණයාට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එම පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි, පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ, මියගිය තරුණයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවට ද දැනට සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

 

 

 

 

 

 

Share This