දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග

දමිතාගේ රුධිර සාම්පල පරීක්ෂා කරන්නැයි අධිකරණයෙන් නියෝග

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තුන් දෙනෙකුගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරික්ෂණයක් සදහා ලබන 29 වනදා රජයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස අධිකරණය නියම කළා.

2022 වසරේ ජූලි 9 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවන් අයුතු ලෙස ඇතුළු වු සිද්ධිය සම්බන්ධයෙන් දමිතා ඇතුළු කාන්තාවන් තිදෙනෙක් මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එදින හමුවූ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටයි රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝග කළේ.

මෙම නඩුවේ ඇප මත මුදා හැර ඇති රතිදු සේනාරත්න නොහොත් රැට්ටා, දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

නීතිපති උපදෙස් සදහා නඩුව දෙසැම්බර් 13 වනදා කැදවීමටයි නියෝග කෙරුණේ.