කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කර තිබේ.

Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී පැවතුන අතර බංග්ලාදේශය අතර නව මාර්ග ව්‍යාප්තියත් සමඟ ඔවුන්ගේ ඍජු ගමනාන්ත 04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සපයනු ඇත.

Fits Air ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවයයි.

Share This