යාපනය රෝහලෙනුත් කොරෝනා මරණයක්

යාපනය රෝහලෙනුත් කොරෝනා මරණයක්

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති.

යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ අතර කුරුණෑගල රෝහලෙන් ද පසුගිය සතියේ කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා විය.