අඩු මිලට පාරිභෝගික භාණ්ඩ ලබාදීමේ “කෝප් සහන සෙනසුරාදා” වැඩසටහන ඇරඹෙයි

අඩු මිලට පාරිභෝගික භාණ්ඩ ලබාදීමේ “කෝප් සහන සෙනසුරාදා” වැඩසටහන ඇරඹෙයි

ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව මධ්‍යම පළාත් සමුපකාර දින සැමරුම් උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී ඊයේ (01) පැවැත්විය.

එහිදී මධ්‍යම පළාත් තුල කැපී පෙනෙන ජනතා සේවයක් ඉටු කරනු ලබන සමුපකාර සමිතීන් ඇගයීමට ලක් වූ අතර මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ දේශීය අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් පසු කල අවස්ථාවන්හීදී සමූපකාර ඉටු කල සේවය සුවිශේෂි බවය.

සමූපකාරය සාම්ප්‍රදායික මට්ටමේ රදවා නොතබමින් සමූපකාර සුපිරි වෙලදසැල් ජාලයක් දක්වා සංවර්ධන කිරීමට හැකියාව ලැබීම ජනතාව ලද ජයග්‍රහණයක් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම ජාතික සමුපකාර දිනය පදනම් කර ගනිමින් ඊට සමගාමීව ජනතාවට අවම මිලක් යටතේ පාරිභෝගික භාණ්ඩ ලබාදීම උදෙසා “කෝප් සහන සෙනසුරාදා” වැඩසටහන ආරම්භයද මේ අවස්ථාවේදී සිදුවිය.

මෙම වෙළඳපල සෑම සෙනසුරාදා දිනකම පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත. එහිදී පාරිභෝගික භාණ්ඩ ඉතා සහනදායී පදනම මත ලබාගැනීමට ජනතාව වෙත අවකාශ සැලසෙන අතර සමුපකාරය නැවතත් ජනතාව අතරට ගෙනයාම මෙහි විශේෂ අරමුණු අතර වෙයි.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් සමූපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන් ද එක් ව සිටියේය.

Share This