කෙහෙළිය CIDයට එයි

කෙහෙළිය CIDයට එයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ, අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළ නඩුව ඊයේ (01) කැඳවු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

මීට අමතරව ඔහුට මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.